
එය මූසල දවසකි. එය කොතරම් මූසල දිනයක් දැයි
කීවෝතින් කාපු බත් පත උගුරින් පහළට ගිලෙන්නේ නැති දිනයකි. ගෙදර බල්ලා කන්පට ගසන
දවසකි. නිවසින් එපිටට පය තබන තාලයට මුදුන් යටලීයේ සිටින හූනෙකු “චුක්,චුක්” ගෑ
දවසකි. සතළිස් වයස් ඉක්ම වූ දීමාල් වෙනදා
පුරුද්දටම ඇඳ පැළඳගෙන පාරට බැස්සේ කල් ඇතිවම පැවරී තිබුණු...