Showing posts with label සමාජීය ලිපි. Show all posts
Showing posts with label සමාජීය ලිපි. Show all posts
Tuesday, May 14, 2019
Tuesday, May 7, 2019
5 Easy And Painless Way To Suicide | Dont Do It | YOU DESERVE ANOTHER CHANCE
:- By Mani Karthik from India
If you’re looking for painless ways to end your life, here are top five ways to suicide – no pain, easy peasy.
If you’re looking for painless ways to end your life, here are top five ways to suicide – no pain, easy peasy.
First off, if you’re reading this, I’m sure there is something going on in your life – possibly something bad. You have thoughts – negative ones mostly. I need you to understand that, this is normal, but you’re right. You probably are going through a bad time in life. People don’t care about you anymore, nobody loves you, you feel awful. You are in debt, or worse… an ailment and you’re in pain. I understand.
Tuesday, April 30, 2019
විල්පත්තුවේ ගහකොළ ද පාස්කු ඉරිදා ප්‍රහාරයට හසු වූවෝ ද තවමත් මිය යමින් සිටිති.
“ මීයක් කඩන්නේ අත ලෙව කන්නම නොවේ ය” මෙය පැරැන්නන් අතර ඇති කියමනකි. විල්පත්තුව පත්ව ඇති වර්තමාන පසුබිම දෙස බලනවිට ද විල්පත්තුව මෙවැනි තත්ත්වයට නිර්මාණය කළ එවුන් ද එය කරන්නට ඇත්තේ පරම සුචරිතවාදී සිතුවිල්ලකින් නොවන වග පෙනෙන්නට තිබේ. අවතැන්වූවන් පෙන්වමින් සිදුකරන මානුෂීය රඟ දැක්වීම තර්කානුකූලව ගත් කළ සැබෑ ලෙසම මානුෂවාදී යැයි පෙනෙන්නට තිබුණද එය මෙතරම්ම විල්පත්තුව තුළ ගොඩ නැගීමට තනන වෙහෙසීම තුළ සැඟවුණු පරමාර්ථයක් ඇතැයි යන සැකයක් පවතී.
වසර නමයක් තිස්සේ අයිතිවාසිකම් පිළිබඳව අරගලයක යෙදෙන මුස්ලිම් කාන්තාවෝ
පිරිමියෙකු විසින් ගැහැණිය ගැන ලිවීම යම්කිසි ආකාරයක සමාජමය, සංස්කෘතිකමය හා ලිංගිකමය සීමාවන් අතික්‍රමණය කිරීමකැයි සිතමි. එය තවත් විදියකින් භාෂණය හා ප්‍රකාශනය සීමාකාරී කොට අයිතිවාසිකම් මහා දවාලේ කොල්ලකමින් පවතින භූමියක නොකළ යුතු දෙයකි. එහෙත් නොකළ යුතු දෙය සිදු කිරීමේ හිතුවක්කාරී පුරුද්දෙන් එපිටට පැනිය නොහැක. මෙම සටහන තුළ දිගෑරෙන අදහස් වලටද එකිනෙකට නොගැළපෙන සිතුවිලි වලින් බැටකන මිනිසුන්ට තම තමන්ගේ ලේබල් ඇලවීම නිදහසේ සිදු කරන්නට ඉඩ දී මේ සටහන තබා මා නික්ම යමි.
Wednesday, April 24, 2019
The risk of sunday easter attack - Frida Ghitis
Author - Frida Ghitis
Extract by CNN
The first time I traveled to Sri Lanka, in 2010, a ghastly civil war had just ended. Military officers still manned checkpoints along major roads.
Extract by CNN
The first time I traveled to Sri Lanka, in 2010, a ghastly civil war had just ended. Military officers still manned checkpoints along major roads.
Whether we were passengers in a
rickety tuk-tuk in Colombo, the bustling, leafy capital, or riding in
an air-conditioned car across the countryside, armed men in olive-green
uniforms would routinely order us to stop. They would check for
explosives or for any sign that the violence that had plagued the
country over nearly three decades might again threaten the peace won at
such an appalling cost.
Those
scenes seemed relegated to the past -- until this week when terrorists
killed hundreds of people, attacking churches and major hotels on Easter
Sunday. At last count, more than 320 people are confirmed dead and
hundreds more injured.
Wednesday, September 26, 2018
එය ඝාතනයක් ද ස්භාවික මරණයක් ද ? Criminal Investigation
එය මූසල දවසකි. එය කොතරම් මූසල දිනයක් දැයි
කීවෝතින් කාපු බත් පත උගුරින් පහළට ගිලෙන්නේ නැති දිනයකි. ගෙදර බල්ලා කන්පට ගසන
දවසකි. නිවසින් එපිටට පය තබන තාලයට මුදුන් යටලීයේ සිටින හූනෙකු “චුක්,චුක්” ගෑ
දවසකි. සතළිස් වයස් ඉක්ම වූ දීමාල් වෙනදා
පුරුද්දටම ඇඳ පැළඳගෙන පාරට බැස්සේ කල් ඇතිවම පැවරී තිබුණු වැඩකට ය. රීගල් ෆිනෑන්ස්
ඉන්වෙස්ට්මන්ට් ආයතනයට අනුබද්ධව සීසර් වරයෙකු වශයෙන් සේවය කළ දිමාල් තමාට පැවරුණු
වැඩ කොටසේ බැරෑරුම්බාවය කිසිදු තැකීමක් කළේ නැත. එසේ වූයේ ඔහුට සේවය තුළ තිබු
පළපුරුද්ද නිසාය. ඉකුත් ජනවාරියේ විසි අටවන දිනය ඔහුගේ සේවය රීගල් ෆිනෑන්ස් ආයතනය
බලාපොරොත්තු විය. ඔහුගේ වෘත්තීමය සඟයා වූයේ වාසනා දිනේන්ද්‍ර පෙරේරා ය.
Friday, July 6, 2018
"උඹේ කෙල්ලත් මගෙත් එක්ක නිදාගත්තා බං"
වැස්සක්
වහින්නේ නැතුව හිරුගේ බැල්මෙන් කරකුට්ටන් වෙන්න වේලිලා ගියපු පොළව ගැන අදහසක්
තියෙනවද ? මගේ හිතත් හරියට ඒ වගේ.. ඉඩෝරයට
ගංගා ඇළ වේලි හිඳිලා යනවා වගේ මගේ
පපුවේ ලේ නහර හිඳිලා ගිහිං වගේ වේදනාවක් දැනෙනවා. කොළ පාට තෘණ බිම් වේලිලා ගිහිං
වගේ මගේ පපුවෙත් මට දැනෙනවා සෛලයේ ඉඳන්ම මෝරන එළියට විසික්කා කරන්න බැරි කාලකන්ණි
සන්තාපයක්.. ඔයා දන්නවද, ලස්සන මල් පිරුණු ගස් විඩාවෙන් බර වෙලා, කොළ හැලිලා කනාටු
වෙලා වගේ මට දැනෙනවා නීරස හුදකලාවක්.. ! තනිකමක් !
Wednesday, July 4, 2018
“අඩෝ මේක අපේ රට, එහෙම පුළුවන් ද තොපිට රඟන්න.. ලේ කකියනවා යකෝ..”
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ය. )
යම්
සිද්ධියක් තුළ ඒ ඒ ආස්ථානයන් තුළ අතිශය පෞද්ගලික වූ කාරණා පොදු කාරණා ලෙස හුවා
දක්වමින් ජාතික ගැටළුවක් කොට ගැනීම බාල ක්‍රියාවකි. “නියපොත්තෙන් කඩන්න ඕනේ එක,
පොරවෙන් කපන්න වෙනකං ඉන්න හොඳ නැහැ” ගමේ පැරැන්නන් එහෙම කීවේ කට කහනවට නොවේ ය.
සාකච්ඡා කොට තීන්දු තීරණ වලට එළැඹියානම් පෞද්ගලික ගැටළු ජාතික ගැටළු දක්වා විහිද
යන්නේ නැත.
අඹුඩය
ලිහාගෙන පිලේ වැලේ දාගන්නට බැරි එවුන් අනුන්ගේ යට ඇඳුම් ගැන තැවී, ශිෂ්ටත්වය ගැන
පතරංග ජාතක කතාන්දර ගොතමින් ද ජාතික මාමකත්වය ගැන කියා දෙස් දෙවොල් තබමින් ද
ඇවිදින නියා දුටු නිසාවෙන් ජාතික ගැටළුවක මූලාරම්භය සොයා
ගියෙමි. එහිදී හමුවූ ස්විශේෂ පුද්ගලයින් අතින් හෙලිවූ මෙම කතාන්දරය පෞද්ගලිකත්වය
ආරක්ෂාවනු වස් හා ඔවුන්ගේ ආරක්ෂාව ගැන තකා මනඃකල්පිත ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නට මා අදහස් කරමි. එහෙයින් මෙය සත්‍යය කතාව පසුබිම් කරගත් මනෝමූලික ගෙතිමක් වග
නුඹලාට හැඟෙනු ඇත.
[ මෙය බොහෝ ගිය අවුරුද්දේ දවසක මේ රටේ සිදු වූ එක්තරා ජාතිවාදී ගැටළුවක මූලයේ ඇඳුනු කතාන්දරයකි. එහෙත් එහි ස්වරූපය මිනිසුන් ඉදිරියේ දෘශ්‍යමාන වූයේ වෙනත් අයුරකිනි. ඒ තුළ දේශපාලනය වීය. එහෙත් මෙය දේශපාලනය ගැන කතාවක් නොවේ. ඒ ගැන ලියන්නට හොඳම දවස අද නොවන නිසා පසුවට තබා මේ කතාව ලිවිය යුතු යැයි සිතමි ]
නිර්මලා
ලා මේ භූමියේ දී විඳි අකටයුතුකම් බොහෝ ය. කාලයකට නිර්මලාගේ හිත වේලුනු පරඬැලක්
වාගේ ය. එය ගිණි තිබ්බෝතින් චිරි චිරි ගා ඇවිලෙන්නේ ය. හුඟක් වෙලාවට හිතේ මස්
වැදලි පවා හේතුවක් නැතුවම රිදුම් දෙනවා ය. මිනිසුන් ජීවත්වෙන්නේ ආශාවන්
අරමුණුකොටගත් ලෝකයක වග නිර්මලා දනී. එහෙයින් දැන් දැන් ඈට ද ඕනෑ අරමුණු කොටගත්
ආශාවන් වලින් සංසිඳෙන්න ට ය. රාහුල ලා වදන්නට ඈ යශෝදරාව නොවේ ය. අනෙක් අතට පෝය හඳට
පන්සලට ගාටන පියදාස සමඟ අතිනත ගත්ත ද පියදාස සිදුහත් කෙනෙක් නොවේ ය. ඉඳින්
නිර්මලාට කල්කදුරු තිත්ත වූ ඇගේ ජීවිතයට නිවීමක් ඈ සෙව්වා ය.
ගමේ
එවුන් කතාවට කියන්නේ, කේරළ ගංජා ගහන එවුන්ට හෙණ ගහන්න ඕනෑ කියාය. ඒ උනාට හඳ පානේ
රොකොට්ටුවක් හදාගෙන හඳ එළිය යට හඳට බඩගාන සූස්තිකාරයන් ගැන නිර්මලා හොඳින්ම දන්නවා
ය. උන්ට ගැසූ හෙණයක් නම් නැත. සැරින්
සැරේට අමතපදන් වෙන පියදාස නිදි යහනේ දිගෑදෙන විට හෙණ ගැහුවත් හඳ පානට කිට්ටු
වෙන්නට නිර්මලා සිතුවා ය. නිර්මලාට ඕනෑ මත්වෙන්නට ය. ඒ මත් බාවයෙන් කෙඳිරි ගාන්නට
ය. ඒ සිතීමට තටු ලැබෙන්නට සෑහෙන කාලයක් ගත වූයේ, ඔය පොත් පත්තර කතාවල කියන්නා සේ
දොරට තට්ටු කරන්නට හෝ ජනේලයට තට්ටු කරන්නට දීඝ ගාමිණි කෙනෙකු ගම මුළු ආසන්නම ඇවිද
ගිය ද නොසිටි නිසාය.
Sunday, July 1, 2018
"බඩගිනියි අම්මේ" කියා බඩගින්නට වස කන මහා පොළවේ දරුවෝ
මේ ලෝකයේ උතුම් වූත් ගෞරවනීය වූත් පදවිය වන්නේ මාතෘත්වය හා පීතෘත්වය බව සැබෑවකි. ඒත් ඒවා මිනිසෙකුට බර වැඩිය. ඒවා මේ මහා පොළවේ දුහුවිල්ලෙන් බැට කන, ගිණියම් හිරු රැසින් පිච්චෙන මිනිහෙකුට දරාගන්නට අසීරු වැඩිය. එහෙත් ඔවුන් ඒවා මහා ධෛර්යෙන්, මහා ඕනෑකමකින්, මහා ආදරයකින් දරාගෙන සිටින්නෝය.
වියලිකලාපය කියන්නේම හඬන්නට තටමා කළු ගැහෙන අහස්කුළු වලට රැවටී සුසුම් හෙළන මිනිසුන්ගේ පළාතක් ය. අන්දර යායවල් වල කටු වලට හීරී තුවාල වූ දෙයත් ද මඩ කහට බැඳී කුණු වී වක් ගැසුණු නියපොතු ද ගල් තැලුම් පිරුණු දෙපා ඇති, ඒ දෙපා බිම තබා ගන්නට නොහැකිව කොර ගසන අප්පච්චිලා එකී මිනිසුන් අතර අඩුවක් නැත. වැව් තාවුල්ලක මුගුණුවැන්න කොළ මිටක් කඩා වේලක වෑන්ජනයක් පිහිමහන, දිය සිඳී ගොස් ඉරිතැළුණු වැව් පතුළේ නෙලුම් අලයක් වෙනුවෙන් බිම කණින, වියලුනු පොළවකින් ඵලයක් ලැබිය නොහැකි තැන ගම් මැදි හතේ කුලී වැඩ සොයා සක්මනේ යන අම්මලා මෙහි බොහෝය.
“මහත්තයා, මම දන්නා තැනක් තියෙනවා.. ෆුල් සේෆ්ටි.. පොලිස්සියෙන් පනින්නේත් නැහැ.. ගානත් අඩුයි”
ඇතුගල්
පුරවයේ බුදු පිළිමය තේජාන්විත ය. එහි නේත්‍රා බැලුම් කුරුණෑගල නගරයට සෑම දිනකම ගෙන
ආවේ ආශිර්වාදයකි. පහල නරගයේ ජනයා එකී පිළිමය දෙස බලා සෑම විටෙකම පහන් සිතුවිලි
වලින් හදවත ඒකාලෝක කර ගනියි. කෙලෙස්වලින් පිරුණු මුග්ධ බවට සීනී බෝල සාරුවා ගාමින්
විඳිය යුතු ජීවිතය විඳවමින් ගෙන යන මිනිසුන් එකී ඇතුගල මත ගොඩ නැගුනු එකී පිළිමය
යට මල් පහන් තබමින් ජීවිතයේ අනිත්‍යය බව තේරුම් ගන්නට උත්සාහ කරනවා ය. පහළ ඇත්කඳ
වෙහෙරින් නැගෙන බුද්ධ වචනයේ හඬ ගුවන් තලය පුරා අරක් ගෙන ඇත. දේව ගීතිකා වයමින්
සාමයත් ප්‍රේමයේත් පණිවිඩය බෙදන ඇතුගල පාමුල ඇති කිතුණු පල්ලිය මනුක්ෂත්වය
උගන්වමින් සිටියි.
Friday, June 29, 2018
"වෙන එවුන් විකුණාගෙන කෑවේ ඇඟ.. උඹ වෙනස් සඳරු.. උඹ විකුණන්න හදන්නේ මගේ කතාව.."
මා
මේ කතාව ලියනවා ද නැත්ද යන්න බොහෝ කාලයක් තිස්සේ සිතුවෙමි. ඊට හේතුව වූයේ
මේ කතාව මත පදනම් වූ කතා බහ යෙදෙන වේලාවක ඈ මා හට එක එල්ලයේම කළ චෝදනාවයි.
"වෙන එවුන් විකුණාගෙන කෑවේ ඇඟ.. උඹ වෙනස් සඳරු.. උඹ විකුණන්න හදන්නේ මගේ කතාව.."
ඉඳින් මා ඒ කතාව නොලියා සිටින්නට අදහස් කරගෙන සිටියෙමි.
මක්නිසාදයත් මේ මගේ කතාව නොවේ ය. මේ කතාවේ ඇගේ කතාවය. ඈ ඒ කතාව මා අබියස
තබන්නේ දහසකුත් තැවුල් සිත් විඳ අවසානයේ ය. කෙසේ වෙතත් ඇගේ චෝදනාවට වලංගු
නොවන පරිදි ඇගේ කතාව කෙසේ හෝ ලියා පල කල යුතුය යන සිතුවිල්ලෙන් මා නිතර
දෙවේලේ බැට කෑවෙමි. අවසානයේ මා මෙය සටහන් කර බොහෝ කාලයක් බලා සිටියෙමි.
දැන් ඒ කාලයට නිමාවක් දිය යුතු කාලය පැමිණ ඇත.
"සමහර මිනිස්සු කහ ඉරෙන් මාරු වෙනකොට හැරමිටියට පයින් ගහනවා"
![]() |
| මලිත් |
Wednesday, June 20, 2018
ඥාණසර හිමියන්ගේ රසිකයින්ට "රිදී" ඇත. එහෙත් වඩා වටින්නේ "රිදී" නොව රත්තරං ය.
මේ සටහනේ හරයට පටහැනිව මූලික දෙයක් ලෙස මා සටහන් කළ යුතුව පවතින දෙයක් ඇත.
වැරදි කරන්නේ මිනිසුන් ය. වැරදි නොකරන මිනිසුන් මේ ලෝකයේ නැත. ඇතැමුන් උපදින්නේම වැරද්දකිනි. මම ද "හරියට" වැරදි කළ එකෙකි. මිනිසෙකු වැරැද්දක් කළා කියා ඔහුව ප්‍රතික්ෂේප කරන ජන සමාජයකින් වැඩක් නැත. එහෙව් සමාජයක පැවැත්ම ශිෂ්ට සම්පන්න බවට පහරකි.
එහෙයින් වැරදි කළ එකෙකු දඬුවම් ලැබීමට සිපිරිගෙට යාම "ෂා මරු ! අරූ හිරේ ගියා.. ඕකාට හොඳ වැඩේ.. ඕකා පස්සෙන් හිටපු එවුන්ටත් හොඳ වැඩේ" කියා සතුටු වෙන්නට කාරණයක් ද නොවේ ය.
Subscribe to:
Posts (Atom)















