"හහ්.. හහහහහාහ්.."
"ගොන් පාට් දාන්න එපා" ඇගේ මුහුණේ නෝක්කාඩුවත් හරියට වියලි කලාපයට පායන පෙරදිග අහසේ කළුවලාව වගේමය. කොයිම මොහොතක හෝ කඩාගෙන වැටෙනවාමය. ඒත් කවරදාකවමත් කඩාගෙන වැටෙන්නේ උවමනා තැනට නොවේය. මහා වැස්සක් උවමනා පොළව හැමදාම බොල්ය. දුහුවිල්ල විතරය. නොවුමනා තැන හැමදාම තෙත්ය. පය තබන තබන තැන "චිරිස්" ය. අන්දරයායවල් වලින් සැදුම් ලත් වියලි කලාපයේ පොළවත් එහෙමය. කලකින් පීදෙන ගොයමක වුව ඇත්තේ වකුගඩු රෝගයක ගඳය. තද පොළවේ ඇනෙන පයට ඇති රිදුම අහස් කුස නොදනී. එමෙන්ම ඇගේ දෑස ද මෙලෙක් මගේ හදවත තව තවත් වහුචුර් කළා මිස, අමුතුවෙන් මෙලෙකක් ඇති කළේ නැත.