Wednesday, July 11, 2018

"දැන් නම් බය කියන්නේ මොකක්ද අපි දන්නේ නැහැ"

වීරයෙකුගේ ද පෙකණි වැල සිඳ දමන්නේ තවත් අම්මා කෙනෙකුගෙන් වුවද වීරයන් තැනිය හැක්කේ එකම තැනකට ය. ඒ තැන මොකක්දෝ වාසනාවකට මේ පුංචි රටේ දැන් දැන් හැදීගෙන එනවා ය. ඒ තැන සෑම වීරයෙකුටම හිමි නොවුවද විශිෂ්ටයාගේත් විශිෂ්ටයාට හිමිවෙනවා ය. ඒ තැන පාසලය. ටක්කෙටම කීවෝතින් කොළඹ ආනන්ද විද්‍යාලයය.  මේ තැන ගැන නොවේ...

Friday, July 6, 2018

"උඹේ කෙල්ලත් මගෙත් එක්ක නිදාගත්තා බං"

වැස්සක් වහින්නේ නැතුව හිරුගේ බැල්මෙන් කරකුට්ටන් වෙන්න වේලිලා ගියපු පොළව ගැන අදහසක් තියෙනවද ? මගේ හිතත් හරියට ඒ වගේ.. ඉඩෝරයට  ගංගා ඇළ වේලි හිඳිලා යනවා   වගේ මගේ පපුවේ ලේ නහර හිඳිලා ගිහිං වගේ වේදනාවක් දැනෙනවා. කොළ පාට තෘණ බිම් වේලිලා ගිහිං වගේ මගේ පපුවෙත් මට දැනෙනවා සෛලයේ ඉඳන්ම මෝරන...

Wednesday, July 4, 2018

“අඩෝ මේක අපේ රට, එහෙම පුළුවන් ද තොපිට රඟන්න.. ලේ කකියනවා යකෝ..”

(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ය. ) යම් සිද්ධියක් තුළ ඒ ඒ ආස්ථානයන් තුළ අතිශය පෞද්ගලික වූ කාරණා පොදු කාරණා ලෙස හුවා දක්වමින් ජාතික ගැටළුවක් කොට ගැනීම බාල ක්‍රියාවකි. “නියපොත්තෙන් කඩන්න ඕනේ එක, පොරවෙන් කපන්න වෙනකං ඉන්න හොඳ නැහැ” ගමේ පැරැන්නන් එහෙම කීවේ කට කහනවට නොවේ ය. සාකච්ඡා කොට තීන්දු...

Sunday, July 1, 2018

"බඩගිනියි අම්මේ" කියා බඩගින්නට වස කන මහා පොළවේ දරුවෝ

මේ ලෝකයේ උතුම් වූත් ගෞරවනීය වූත් පදවිය වන්නේ මාතෘත්වය හා පීතෘත්වය බව සැබෑවකි. ඒත් ඒවා මිනිසෙකුට බර වැඩිය. ඒවා මේ මහා පොළවේ දුහුවිල්ලෙන් බැට කන, ගිණියම් හිරු රැසින් පිච්චෙන මිනිහෙකුට දරාගන්නට අසීරු වැඩිය. එහෙත් ඔවුන් ඒවා මහා ධෛර්යෙන්, මහා ඕනෑකමකින්, මහා ආදරයකින් දරාගෙන සිටින්නෝය. වියලිකලාපය කියන්නේම...

“මහත්තයා, මම දන්නා තැනක් තියෙනවා.. ෆුල් සේෆ්ටි.. පොලිස්සියෙන් පනින්නේත් නැහැ.. ගානත් අඩුයි”

ඇතුගල් පුරවයේ බුදු පිළිමය තේජාන්විත ය. එහි නේත්‍රා බැලුම් කුරුණෑගල නගරයට සෑම දිනකම ගෙන ආවේ ආශිර්වාදයකි. පහල නරගයේ ජනයා එකී පිළිමය දෙස බලා සෑම විටෙකම පහන් සිතුවිලි වලින් හදවත ඒකාලෝක කර ගනියි. කෙලෙස්වලින් පිරුණු මුග්ධ බවට සීනී බෝල සාරුවා ගාමින් විඳිය යුතු ජීවිතය විඳවමින් ගෙන යන මිනිසුන් එකී ඇතුගල...