Wednesday, June 20, 2018

සුළඟ නුඹ


සුළඟ නුඹ හමන විට, 
ඇයව මුණ ගැහෙනවද 
හමු වුණොත් ඇගෙන් මා 
අමතකද අහනවද ?

වැස්ස නුඹ වැටෙන විට 
තවම ඇය නටනවද 
මම වගෙම මල් වැස්සේ 
ඔහුත් ඇය සිඹිනවද ? 

සඳේ නුඹ දිලෙන විට 
නමුණුකුල බලනවද 
ඇයට දුන් රෝස ගස 
සුවෙන් දැයි කියනවද ? 

හුස්ම නුඹ පපුවකට 
දුන්නු බර ඇති නේද 
මගෙන් පිටමන් වෙලා 
ඇයට නුඹ එබෙනවද ! 

3 comments:

  1. පලවෙනි කමෙන්ටුව

    ReplyDelete
    Replies
    1. හික්ස්. පළවෙනි රිප්ලයි කමෙන්ටුව

      Delete