Tuesday, April 30, 2019

විල්පත්තුවේ ගහකොළ ද පාස්කු ඉරිදා ප්‍රහාරයට හසු වූවෝ ද තවමත් මිය යමින් සිටිති.

“ මීයක් කඩන්නේ අත ලෙව කන්නම නොවේ ය” මෙය පැරැන්නන් අතර ඇති කියමනකි. විල්පත්තුව පත්ව ඇති වර්තමාන පසුබිම දෙස බලනවිට ද විල්පත්තුව මෙවැනි තත්ත්වයට නිර්මාණය කළ එවුන් ද එය කරන්නට ඇත්තේ පරම සුචරිතවාදී සිතුවිල්ලකින් නොවන වග පෙනෙන්නට තිබේ. අවතැන්වූවන් පෙන්වමින් සිදුකරන මානුෂීය රඟ දැක්වීම තර්කානුකූලව ගත් කළ සැබෑ ලෙසම මානුෂවාදී යැයි පෙනෙන්නට තිබුණද එය මෙතරම්ම විල්පත්තුව තුළ ගොඩ නැගීමට තනන වෙහෙසීම තුළ සැඟවුණු පරමාර්ථයක් ඇතැයි යන සැකයක් පවතී.
             

ගැහැණු ! පිරිමි !


පිරිමි හිතකට, 
ගැහැණියක ගැන 
සිත සිතා බෑ ඔහේ ලතැවෙනු ! 
පිරිමි හිතකට හැකිය එනමුදු 
ගැහැණියක ලඟ
 උන්නු කාලය, 
අහිමි වී ගිය
 තැනෙදි තනිවෙනු ! 

ගැහැණියක් මෙන් ඔහේ දොඩවන, 
පුරුදු නැත පිරිමියෙකු සතුවන ! 
එහෙත් ගැහැණිය ඇඟේ ගෑවුණ, 
තැනද ඇත රළු හිතක පැටළුන ! 

ගැහැණියට හැක 
පිරිමියෙකු ලඟ, 
නැතිම දේ හැම විට දි කියවනු ! 
පිරිමියෙකු හට
 එහෙත් කිසිවිට, 
නොහැක නැති දේ
 ගැනම ලතැවෙනු ! 

ගැහැණියක මෙන් ඉබේ වැගිරෙන, 
කඳුළු නැත පිරිමියෙකු සතුවන ! 
එහෙත් ගැහැණිය වචන හී ඇන, 
කළ රිදුම් ඇත හිතට වධ දෙන ! 

ගැහැණියට හැක
 පිරිමියෙකු සතු, 
ප්‍රේමයේ දිග පළල විමසනු ! 
එහෙත් කිසිදින
 පිරිමි හිතකට, 
බැරිය පෙම් හිත
 කඩා පෙන්වනු ! 

ගැහැණියක මෙන් ඔහේ දොඩවන, 
ප්‍රේමයක් නැත පිරිමි සතුවන ! 
එහෙත් ගැහැණිය දුරට යන දින, 
ප්‍රේමයක් ඇත පිරිමි අවුළන ! 

- සඳරු දසනායක 

වසර නමයක් තිස්සේ අයිතිවාසිකම් පිළිබඳව අරගලයක යෙදෙන මුස්ලිම් කාන්තාවෝ



පිරිමියෙකු විසින් ගැහැණිය ගැන ලිවීම යම්කිසි ආකාරයක සමාජමය, සංස්කෘතිකමය හා ලිංගිකමය සීමාවන් අතික්‍රමණය කිරීමකැයි සිතමි. එය තවත් විදියකින්  භාෂණය හා ප්‍රකාශනය සීමාකාරී කොට අයිතිවාසිකම් මහා දවාලේ කොල්ලකමින් පවතින භූමියක නොකළ යුතු දෙයකි. එහෙත් නොකළ යුතු දෙය සිදු කිරීමේ හිතුවක්කාරී පුරුද්දෙන් එපිටට පැනිය නොහැක. මෙම සටහන තුළ දිගෑරෙන අදහස් වලටද එකිනෙකට නොගැළපෙන සිතුවිලි වලින් බැටකන මිනිසුන්ට තම තමන්ගේ ලේබල් ඇලවීම නිදහසේ සිදු කරන්නට ඉඩ දී මේ සටහන තබා මා නික්ම යමි. 

Wednesday, April 24, 2019

The risk of sunday easter attack - Frida Ghitis

Author -




Whether we were passengers in a rickety tuk-tuk in Colombo, the bustling, leafy capital, or riding in an air-conditioned car across the countryside, armed men in olive-green uniforms would routinely order us to stop. They would check for explosives or for any sign that the violence that had plagued the country over nearly three decades might again threaten the peace won at such an appalling cost.
Those scenes seemed relegated to the past -- until this week when terrorists killed hundreds of people, attacking churches and major hotels on Easter Sunday. At last count, more than 320 people are confirmed dead and hundreds more injured.