Wednesday, September 26, 2018

එය ඝාතනයක් ද ස්භාවික මරණයක් ද ? Criminal Investigation


එය මූසල දවසකි. එය කොතරම් මූසල දිනයක් දැයි කීවෝතින් කාපු බත් පත උගුරින් පහළට ගිලෙන්නේ නැති දිනයකි. ගෙදර බල්ලා කන්පට ගසන දවසකි. නිවසින් එපිටට පය තබන තාලයට මුදුන් යටලීයේ සිටින හූනෙකු “චුක්,චුක්” ගෑ දවසකි.  සතළිස් වයස් ඉක්ම වූ දීමාල් වෙනදා පුරුද්දටම ඇඳ පැළඳගෙන පාරට බැස්සේ කල් ඇතිවම පැවරී තිබුණු වැඩකට ය. රීගල් ෆිනෑන්ස් ඉන්වෙස්ට්මන්ට් ආයතනයට අනුබද්ධව සීසර් වරයෙකු වශයෙන් සේවය කළ දිමාල් තමාට පැවරුණු වැඩ කොටසේ බැරෑරුම්බාවය කිසිදු තැකීමක් කළේ නැත. එසේ වූයේ ඔහුට සේවය තුළ තිබු පළපුරුද්ද නිසාය. ඉකුත් ජනවාරියේ විසි අටවන දිනය ඔහුගේ සේවය රීගල් ෆිනෑන්ස් ආයතනය බලාපොරොත්තු විය. ඔහුගේ වෘත්තීමය සඟයා වූයේ වාසනා දිනේන්ද්‍ර පෙරේරා ය.