Tuesday, April 30, 2019

ගැහැණු ! පිරිමි !


පිරිමි හිතකට, 
ගැහැණියක ගැන 
සිත සිතා බෑ ඔහේ ලතැවෙනු ! 
පිරිමි හිතකට හැකිය එනමුදු 
ගැහැණියක ලඟ
 උන්නු කාලය, 
අහිමි වී ගිය
 තැනෙදි තනිවෙනු ! 

ගැහැණියක් මෙන් ඔහේ දොඩවන, 
පුරුදු නැත පිරිමියෙකු සතුවන ! 
එහෙත් ගැහැණිය ඇඟේ ගෑවුණ, 
තැනද ඇත රළු හිතක පැටළුන ! 

ගැහැණියට හැක 
පිරිමියෙකු ලඟ, 
නැතිම දේ හැම විට දි කියවනු ! 
පිරිමියෙකු හට
 එහෙත් කිසිවිට, 
නොහැක නැති දේ
 ගැනම ලතැවෙනු ! 

ගැහැණියක මෙන් ඉබේ වැගිරෙන, 
කඳුළු නැත පිරිමියෙකු සතුවන ! 
එහෙත් ගැහැණිය වචන හී ඇන, 
කළ රිදුම් ඇත හිතට වධ දෙන ! 

ගැහැණියට හැක
 පිරිමියෙකු සතු, 
ප්‍රේමයේ දිග පළල විමසනු ! 
එහෙත් කිසිදින
 පිරිමි හිතකට, 
බැරිය පෙම් හිත
 කඩා පෙන්වනු ! 

ගැහැණියක මෙන් ඔහේ දොඩවන, 
ප්‍රේමයක් නැත පිරිමි සතුවන ! 
එහෙත් ගැහැණිය දුරට යන දින, 
ප්‍රේමයක් ඇත පිරිමි අවුළන ! 

- සඳරු දසනායක 

3 comments:

  1. //ගැහැණියට හැක
    පිරිමියෙකු සතු,
    ප්‍රේමයේ දිග පළල විමසනු !
    එහෙත් කිසිදින
    පිරිමි හිතකට,
    බැරිය පෙම් හිත
    කඩා පෙන්වනු ! // ගැහැණු,පිරිමි ප්‍රේමය ගැන කෙටිම කෙටි, ගැඹුරුම අර්ථදැක්වීමක්..!!❤️

    ReplyDelete