Wednesday, October 10, 2018

තෛලෝක හැඟීම් නොහොත් තහනම් ගහේ කොළ බීම | How to make Cannabis Coffee

කාලෙකින් බ්ලොග් පිටුවට අත තිබ්බේ තහනම් මාතෘකාවක් ගැන කතා කරන්නයි. නැහැ ! තහනම් ගස් වල ගෙඩි කන විදිය කියා දෙන්න නෙමෙයි. තහනම් ගහේ කොළ කන විදිය නිවැරදිව කියා දිය යුතුයි කියලා මට හිතෙනවා. 


සමහර දේවල් තියෙනවා කොච්චර හොඳට කියා දෙන්න හැදුවත් සමහර මිනිස්සු තේරුම් ගන්නේම නැහැ. සමහර දේවල් තේරුම් කරවන්නම ඇඟිලි තුඩු වල ආතරයිටිස් හැදෙනකන් ටයිප් කළත් සමහර මිනිස්සුන්ගේ ඔලු වලට යන්නෙම නැහැ. මේකත් ඒ වගේ කතාවක් ! 








මම කතාවට කෙළින්ම එන්නම්.. කතාව පටන් ගන්නම වෙන්නේ ප්‍රශ්නයකින්..

“මචං උඹ ගංජා ගහනවද?”

හරි එහෙනං, ගංජා ගහන එවුන් විතරක් මේක කියවන්න.. නැති එවුන් බොරුවට කාලේ කන්නේ නැතුව චුත වෙන්න.

සමහර දේවල් වලට ලිමිට්ස් තියෙනවා. අපි ඒ ලිමිට්ස් වලින් පිට පැනලා ඒවාට ඇබ්බැහි වෙනවා. ඕනෑම දෙයක් භාවිත කළ යුතු අවස්ථා තියෙනවා. ඒත් එය එකී අවස්ථා වලින් පිට පැනලා භාවිතා කරනවානම් එතැන අවභාවිතයක් සිද්ධ වෙනවා. අද ලංකාවේ තියෙන ගංජා කියන දේවල් වල මමනම් දකින්නේ වහ ගොඩක් විතරයි. සමහර ගංජා කියන ඒවා අරගෙන ගිහිං ලැබ් එහෙකට දීලා  Check කරලා බැලුවෝතින් ඒවායේ බාගවිට ආවර්තිකා වගුවේවත් නැති රසායනික සංඝටක ඇති.. ! ඒක සිද්ධ වෙලා තියෙන්නේ මේ හින්දයි.



ඔබත් මමත් දන්නා විදියට ලංකාවේ කංසා කියන්නේ ආන්තරායක මත්ද්‍රව්‍යය යටතට ගැනෙන, දැඩි නීතින් මැද බැඳ තබා තිබෙන මත් ද්‍රව්‍යය කොටසක් විදියට හඳුන්වා තිබීමයි. (නීතිය ගැන ඉදිරියේදී කතා කරමු) නීතිය සැර වුණාට භාවිතය අඩු වෙලා නැහැ. භාවිතය දවසින් දවස ඉහළ යනවා. කවුරුත් මුවින් නොකිව්වාට, සෑම පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු අතරින් හතර දෙනෙකු ජීවිතයේ එක් දිනකදී හෝ ගංජා භාවිතා කර තිබෙනවා. ගංජා මත පදනම් වූ බ්ලැක් මාකට් එකක් තියෙනවා. සාමාන්‍යය ගංජා ගසක් කෑලි කොට විකිණීම නිසා ලක්ෂ එකහමාරක විතර ශුද්ධ ලාබයක් ලබනවා. එතරම් ආදායමක් ලබනවා කියන එක ඔබ විශ්වාස කරන්නේ නැති වෙයි. ඒත් මම මේ විෂය පසුගිය කාලයේම ගවේෂණය කළා. ඇතැම් වෙලාවට ඔවුන් ඊටත් වඩා ලාබයක් ලබාගන්නවා. ඒ හින්දාම මිනිස්සු ගංජා ශාකය වාවා ගැනීමේ නොහැකියාව නිසා, ඒ ආශ්‍රයෙන් විවිධ රසායනක ද්‍රව්‍යය මුහු කරමින් නව මත් ද්‍රව්‍යය හදනවා.

ඒවා සමාජයේ ප්‍රචලිත වෙනවා. ඒ ආශ්‍රයෙන් සෞඛ්‍යමය ගැටළු ඇති වෙනවා.



සාමාන්‍යයෙන් කේරළ ගංජා යැයි හැඳින්වෙන ගංජා කැබැල්ලක අඩංගු ගංජා ප්‍රමාණයට වඩා වැඩි කොටසක් තියෙන්නේ අහිතකර සංයෝගයි. මත් ද්‍රව්‍යය වෙළෙන්දන් විසින් ප්‍රමාණයේ හිගකම නිසා, පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමේ අරමුණින් යුතුව රසායනික සංයෝග ප්‍රමිතියකින් තොරව ගංජා වලට එකතු කරනව. කිසිම පාරිභෝගිකයෙක් තමන් මිළදී ගන්නා ගංජා පැකට්ටුවේ අන්තර්ගතය විමසන්නේ නැහැ. කොළයක ඔතලා, කවුරුත් දකින්න කලින් ගහලා දානවා මිසක් කිසිම කෙනෙකුට තමන් භාවිත කරන දෙය ගැන වැටහීමක් නැහැ.



මේ වගේ බ්ලැක් මාකට් එකක් ඇතුළේ, අහිතකර තත්ත්වයෙන් යුතුව මත්ද්‍රව්‍යය බිහිවීමත් ඒවා පරිභෝජනය කිරීමත් නිසා අප සිතනවාට වඩා අහිතකර තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා.

පිරිසිදු ගංජා (Pure Weed) භාවිතා කරන්න මේ රට ඇතුළේ අවස්ථාවක් ඇත්තේම නැහැ. අපිරිසිදු දෑ භාවිතය නිසා, Pure Weed පිළිබඳව ඇති දැනීමත් හුඟක් දෙනෙකුගෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා.



මම ඔබට මේ කතාවේ ප්‍රධානතම තැනට යන්නට පෙර යම් තේරුම් ගැනීමක් කරන්නම්. මේ රටේ බොහොමයක් සුප්‍රසිද්ධ යැයි කියා ගන්නා පුද්ගලයින් විසින් මත් ද්‍රව්‍යය භාවිතය ප්‍රමෝට් කරනවා. ඔබටත් යම් විදියකින් මෙය එක්තරා විදියේ ප්‍රමෝට් කිරීමක් යැයි සිතිය හැකියි. ඒත් මම මෙතැනදී කරන්නේ ඔබව නිවැරදි මාවතට තල්ලු කරවීම පමණයි. මොකද මම මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකු හෝ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙකු නෙමෙයි.

මත් ද්‍රව්‍යය ආශ්‍රයෙන් ඔබ විඳිය යුත්තේ මත්බාවය මිසක, මත්ද්‍රව්‍යය නොවන වග ඔබ පළමුව සිහියට නගා ගත යුතුයි. මත්වීමට මත්ද්‍රව්‍යයම අවශ්‍යය නැහැ. ආදරයට ඔබව මත් කළ හැකියි, රාගයට ඔබව මත් කළ හැකියි. එයින් පරිබාහිරව වැහි දවසක ජනෙල් කවුළුව ලඟට වෙලා වැස්ස දිහා බලාගෙන බොන කොෆී එහෙකට ඔබව සෑහෙන දුරක් රැගෙන යා හැකියි.

ඉතිං මත්වෙන්න මත්ද්‍රව්‍යයම අවශ්‍යය නැහැ. අප වින්දනය සඳහා යොදා ගන්නා ශිෂ්ට නොයසේනම් සභ්‍යය රාමුව හැම වෙලාවකදීම අප කවුද කියන එක තීරණය කරනවා. මෙය කියවන ඔබ මත්වීමට මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදෙනවානම් හෝ ඊට එහායින් ජීවිතයක් ඔබ අත් දැක නැත්නම් කරුණාකරලා ඔබ ප්‍රවේශම් විය යුතුයි කියා මතක තබාගන්න.



අපි ජීවත්වෙන්නේ කාලා බීලා ජොලියේ ඉන්න තමයි. ඒත් ජීවිතයේ හැමදේම කෑම බීම ජොලිය කියන දේ තුළ නැහැ.  මිනිහෙක් ගංජා කූරක් දික් කරලා  “මේක තමයි ආතල් එක” කියලා කියනවා නම් ඒක මෝඩ ප්‍රකාශයක් විදියට සළකන්න ඔබේ ප්‍රත්‍යක්ෂ දැනුම හදාගන්න. ජීවිතය කියන්නේ ආතල් ගොඩක එකතුවක් ! ඒකෙන් එකක් නිස්සාරණය කරගෙන ඒ මත පැළපදියම් වෙනකොට අපිට හුඟක් විඳිය හැකි කාරණා මඟ හැරිලා යනවා.



දැන් අපි මාතෘකාව පැත්තට හැරෙමු.



ගංජා කියන්නේ ජෛව පරිසරයේ තියෙන ශාකයක්.. (මේ ගැන ඊට වඩා හැඳින්වීමකට අපි පස්සේ යමු) ගහක කොළයකට මිනිහෙක්ව අමුතු ලෝකයකට අරගෙන යනවා කියන එකම මිහිරි කාරණයක්.. ඔබ දීර්ඝ කාලීනව ගංජා භාවිතයේ යෙදෙනවානම් ඒ ඇතුළේ සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. භාවිත කරන මිනිස්සු කියාවි එහෙම නැහැයි කියලා. ඇත්තටම පිස්සෙකුට පිස්සු හැදුනාම ඒ පිස්සා දන්නේ නැහැ තමන්ට පිස්සු තියෙනවා කියලා. ඒක දන්නේ දොස්තර කෙනෙක් විතරයි. මම මෙහෙම කියන්නේ දීර්ඝ කාලීනව මේ විෂය පිළිබඳව හැදෑරීමත්, කංසා භාවිතයෙන් මානසිකව බිඳ වැටුණු මිනිස්සු අධ්‍යනය කිරීමෙනුත් කියා ඔබට කියන්න කැමතියි. මෙතැනදී ඔබ මා විශ්වාස කළ යුතුමයි.

ඇත්තටම ඉෆෙක්ට් තියෙනවා. ඒ ගැන දීර්ඝව මෙතැනදී කතා කරන්න බැහැ. මම ඒ ගැන වෙනත් ලිපියකින් ලියා පල කරන්නම්. ඒත් ඒ ඉෆෙක්ට් ගැන බිය විය යුතු නැහැ. තමන් හරියට භාවිතා කරනවානම්, තමන් ඒ ගැන දැනුවත්ව භාවිතයේ යෙදෙනවානම් අපිට පුළුවන් ඒ ආශ්‍රයෙන් විඳවන්නේ නැතුව විඳින්න.



හුඟක් වෙලාවට ගොඩක් අය ගංජා භාවිතා කරන්නේ දුමක් විදියටයි. දුමත් එක එක විදියට භාවිතා කරනවා. දුම විවිධ ක්‍රමයට ෆිල්ටර් කරලා පෙනහළු ඇතුළට දා ගන්නවා. සුදු කොළයක ඔතලා බීවත්, අන්නාසි ගැහුවත්, කුරුම්බා ගැහුවත්, වෝටර් ෆිල්ටර් කළත් යන්නේ පෙනහළුවලටනම් පෙනහළු තාර වලින් වැහෙනවා.

සිගරට් එකකට වඩා ගංජා ඇතුළේ කාබන් සංයුතිය වැඩියි. ඒ වගේම එතැන සිදුවන රසායනික හරණයත් වැඩියි. අපි නොදන්නා බොහෝ සංඝටක අපේ පෙනහළු වල තැන්පත් වෙනවා. සිගරට් වලට වඩා ඉක්මනින් මිනිස්සු රෝග වලට ගොදුරු වෙනවා. ඉතිං ගංජා භාවිතය කවදාවත්ම දුමක් විදියට යොදා ගන්න එපා. ඒක හරියට සියතින් ගෙල සිඳ ගන්නවා හා සමානයි.



එතකොට කොහොමද ගංජා නිවැරදිව භාවිතා කරන්නේ.. ?

මම අද ඉතිහාසයේ පළවෙනි වතාවට, තුන්වෙනි ලෝකයේ සංස්කෘතික රටක ඉඳන්, නීතියෙන් තහනම් කරපු ගංජා ශාකය දූපත්වාසී මිනිස්සුන්ට නිවැරදිව භාවිතා කරන හැටි කියා දෙනවා. (හෙට හතරවෙනි තට්ටුවේ මට උත්තර බඳින්න උනත්, මම කැමතියි මිනිස්සුන්ට හොඳ දෙයක් කියා දෙන්න. මොකද මට බැහැ ගංජා භාවිතය දුරලන්න. ඒක අමු විහිළුවක් කියා මම දන්නවා. මිනිහෙක් තමන් කැමැති දෙයක්, තමන්ගේ වහල යට කාටවත්ම කරදරයක් නැතුව විඳිනවා නම් ඇයි මම ඒ මිනිහට අකුල් හෙළන්නේ.. ඉතිං මම ඒ මිනිහට අකුල් හෙලන්නේ නැතුව, මම ඒ මිනිහගේ ජීවිතය රක්ෂා කරගන්න හැකි විදියට තමන්ට හැකි ඉහලම වින්දනය ගැන කියා දෙන්න පෙළඹෙනවා.. හෙට මාව හතරවෙනි තට්ටුවට නැග්ගුවොත්, මම ඔවුන් එක්කත් මේ ක්‍රමය කියා දීලා විඳලා එන්න කැමතියි)



ගංජා භාවිතයේ විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අතරින් සාර්ථකම ක්‍රමය වෙන්නේ ගංජා බීමක් ලෙස සකසා ගැනීමයි. බීමක් විදියට ගන්න මේ තහනම් රටේ හොයා ගන්න ටිකක් අමාරුයි. ඒත් සමාජයත් එක්ක ජීවත්වෙන කෙනෙකුට පිරිසිදු කංසා ටිකක් හොයා ගන්නවා කියන්නේ අමාරුම දෙයකුත් නෙමෙයි. අත්දැකීම් තියෙන ඈයෝ දන්නවා ඇති.. තමන් නොදන්නා ප්‍රදේශයකදී උනත් තමන්ට කංසා අවශ්‍යය නම් පැයක් දෙකක් වටපිටාවේ රවුමක් දැම්මොත් කංසා ලැබෙනවා. ඒ තරමට අපේ රටේ කංසා වලට තියෙන බ්ලැක් මාකට් එක දියුණුයි.

කංසා කොෆී (Cannabis Coffee)

 

 

ඔබ දෛනිකව කොෆී භාවිතා කරන්නෙකු නම් ඔබට මෙය මහත් වූ ආශ්වාදය දනවන දෙයක් වෙවී. නැතිනම් ඔබ අඩුවෙන් කොෆී භාවිතා කරන්නෙකු නම්, ඔබ කොෆී වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත්නම් ඔබට මෙය එතරම්ම නොදැනේවී. ඒ කොහොම වෙතත්, කොෆී සමඟ කංසා කියන්නේ පුදුමාකාර ගැළපීමක් ඇති දේවල් දෙකකටයි. මේ දෙයාකාරයම එකතු වූ තැනේ දී ඔබව ආශ්වාදයෙන් සපිරි ලෝකයකට රැගෙන යනු නිසැකය.

 

සකස් කිරීම (Preparation)

 

ඔබ කංසා භාවිතා කරන්නෙකු නම් එය භාවිතා කරන්නේ කුමන වෙලාවට ද? උදෑසන හෝ දහවල හෝ රාත්‍රිය යනාදී කිනම් හෝ කාල අවධියක ඔබ එය භාවිතා කරනවා ඇතිය. එය ඔබට අපහසු නොවන වැඩ රහිත වෙලාවක් ලෙසින් ඔබ සකසා ගන්නවා ඇති යැයි මා විශ්වාස කරමි.

එහෙත් ඔබට කොෆී එකක් ලෙස මෙය භාවිතයේ යෙදවිය හැකිනම්, එය දවසේ කිනම් වෙලාවක උවත් ඔබව ප්‍රබෝධයෙන් තැබීමට ඔබ නොදැනුවත්මව ක්‍රියා කරනු ඇත. බොහෝ වෙලාවට ඒ තුළ ඇත්තේ මත් ගතිය නොව, මත් ගතියට හාත් පසින්ම එහායින් ඇති අපූරු ආශ්වාදයකි. ඒ තුළ ඔබ ප්‍රිය කරන තෘප්තියක් ඇත. ඔබේ සිතුවිල්ලේ සිට ක්‍රමිකව පිළිවෙලකට හැඩ ගැස්සවීමේ හැකියාව ඇත. 

 


"There’s nothing like a cup of coffee to stimulate brain cells,”

-        Sherlock Homes

 

කංසා කොෆී වට්ටෝරුව


  1.   වතුර කෝප්ප තුනයි.
  2. පිරිසිදු කංසා 0.5mg (ප්‍රමාණය ඔබේ කැමැත්තට අනුව එකතුකර ගන්න)
  3. කෝපී  
  4. බටර් ස්වල්පයක්  

   




  •  පහත පියවර අනුගමනය කරන්න.
1.     පළමු පියවර

  • ·        ඔබ පිළියෙල කරගත් කංසා ස්වල්පය මෘදුව කපාගන්න. අවශ්‍යය නම් ඒ සඳහා යන්ත්‍රයක් යොදා ගන්න. (Blender කරගන්න)

2.     දෙවන පියවර

  • ·        පසුව භාජනයකට වතුර දමා, ඊට බටර් යොදා නටන තුරු පස්සවා ගන්න.



3.     තෙවන පියවර

  • ·        පසුව බටර් හා ජලය තුළට මෘදුව කුඩු කරගත් කංසා දමා මිනිත්තු පහළවක පමණ කාලයක් නිදහසේ තැම්බෙන්නට හරින්න. (මෙය මිනිත්තු පහළවක් පමණ තැබිය යුතු බව කියයි. එහෙත් මිනිත්තු පහළවක අවම කාලයක් තබා ගැනීම වුව අවුලක් නැත.) 

Hint :- ඔබ මිනිත්තු පහළවක් පමණ කාලයක් තම්බා ගන්නේ නම් කංසා ඉවත් නොකර කොෆී සදා ගත යුතු වන අතර, මිනිත්තු හතලිහක කාලයක් තම්බා ගන්නේ නම් තැම්බුණු කංසා සම්පූර්ණයෙන්ම ජලයේ දිය වී ඇති නිසා ඉවත් කරගත හැකිය. බොහෝ දෙනා කොෆි සහ කංසා පෙරීමකින් තොරව බීමට හුරුවී ඇති නිසා ඔබ භාවිතා කරන ක්‍රමය අනුව නිවැරදිව එය පිළියෙළ කර ගැනීමේ කාර්යය ඔබ සතුය. 


4.     හතරවන පියවර

  • ·        මිනිත්තු හතලිහක කාලයක් ඔබ කංසා තම්බා ගත්තේනම් එය පෙරා ගන්න. එවිට ඔබට ලැබෙන්නේ කොළ පැහැයකට හුරු බටර් මිශ්‍ර වූ වතුරය. ඊට කොෆී ඔබ කැමති අයුරකින් එකතු කර, අවශ්‍යය නම් සීනී හෝ පිටිකිරි වුවද යොදාගෙන තව දුරටත් පානය රසවත් කරගත හැකිය.
  • ·        ඔබ මිනිත්තු පහළවක පමණ කාලයක් වැය කලේ නම්, ඔබ එම ජලය පෙරා ගැනීමෙන් වළකින්න. එවිට,  ඔබට සිදුවන්නේ කංසා වලින් ලැබෙන තෘප්තිය අඩු වීමයි.



කංසා භාවිතා කරන්නන් සීග්‍රයෙන් ඉහළ අගයක පවතී. ශ්‍රී ලංකාව වැනි රටවල කන්සා භාවිතයට නීතිමය බාදාවක් පැවතිය ද වෙළඳපොළ ( Black Market) තුළ කංසා කිසි දිනෙක නැති වන්නේ නැත. අනෙක් කාරණය නම්, වෙළඳපොළ තුළ පවතින කංසා වල ප්‍රමිතියේ මදිපුංචිකමයි. ඒ තුළින් ඇතිවිය හැකි සෞඛ්‍යය ගැටළු අතිමහත්වීමයි.

මත්වීම ඔබේ නිදහස් අයිතිවාසිකමකි. එහෙත් ඔබ එයින් කිසිවෙකුට අනිසි වදයක් උරුම කර දිය යුතු නැත. මත්වීම කියන්නේ මහා විශාල පුදුමාකාර දෙයක් නොවේය. එය විඳිය හැකි දෙයකි. එහෙත් එය විඳීමේ ක්‍රමය ඔබ සොයාගත යුතුය.



සමාජයේ මත්ලෝලීයා පොරක් කොට සළකා ගනී. එහෙත් එය විහිළුවක් ලෙස දකිමි. මත්වීම තුළ පොර චරිත නැත. මත්වීමකට පුද්ගලයෙකු පොර ආකෘතියක් තුළ හිඳුවා පෙන්වන්නට බැරිය. එය වූ කලී මිනිස් සිතට ආශ්වාදජනක, ආනන්දනීය හැඟුම් මවන තැනක් පමණි.


මෙය කියවන ඔබ කිනම් වර්ගයේ පුද්ගලයෙකු දැයි මා දන්නේ නැත. එහෙත් ඔබ මෙය කියවා පිළියෙළකොට ගත් මිශ්‍රණය භාවිතා කොට තද පොරක් ලෙස සමාජය ඉදිරියේ නිරූපණය වන්නේ නම් මා මෙහි ලියා ඇති සෑම අකුරක්ම ගඟට කැපු ඉනි වැනිය. හුදෙක් මා මෙය ලියූයේ, ඔබේ කංසා භාවිතය නිවැරදි මාවතට අවතීර්ණ කරනු මිස එයට ඉනිමං බඳින්නට නොවේය. කංසා අසීමිත ලෙස භාවිතා කරන්නන්ට ඇතිවෙන විපාක බොහෝය. එය වෙනම ලිපියක දී කතා කරමු. එවිට ඔබට සෑම දෙයක්ම සීමා සහිතව අත්විඳිය යුතු බවද අසීමාන්විත බව තුළ ගැටළු ඇති බවද වැටහෙනු ඇත.

 

4 comments:

  1. Wow, cool post. I'd like to write like this too - taking time and real hard work to make a great article... but I put things off too much and never seem to get started. Thanks though. cbd gummies

    ReplyDelete
  2. You there, this is really good post here. Thanks for taking the time to post such valuable information. Quality content is what always gets the visitors coming. la diete 2 semaines brian flatt

    ReplyDelete